කුකුල් මස් ඇතුළු භාණ්ඩ කිහිපයකටම උපරිම සිල්ලර මිලක්..

Sewvandhi
Report this article
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, ඉදිරියේදී භාණ්ඩ ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බවයි.
අද (16) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
"කුකුල් මස් විතරක් නෙමයි වතුර බෝතලේ ඉදන්... රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ. මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා.
වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙනව පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙනවා. ඉදිරියේදී ඒවා දැනගන්න ලැබෙයි."
……………………………………………………………………………………………
You may like this video 👇
