උදේ පාන්දරම මතුගම සිදු වූ ඝාතනය.

Sri Lanka Police Crime Murder
By Wayomi Feb 03, 2024 05:56 AM GMT
Wayomi

Wayomi

Report

අද (03) අලුයම මතුගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනය වී ඇත්තේ, මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙක්.

උදේ පාන්දරම මතුගම සිදු වූ ඝාතනය. | Matugama Murder

මතුගම පොලිසිය කියා සිටියේ,නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිතව කළුතර - නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බවයි.

සැකකරුවන් තවමත් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.   

                                                                              Sponsored By Sarrita Jewellery

උදේ පාන්දරම මතුගම සිදු වූ ඝාතනය. | Matugama Murder

ReeCha