ඩුබායි හෙල්ලෙයි - ජෙබෙල් අලි වරාය අසළ දරුණු පිපිරීම්

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ජෙබෙල් අලි කාර්මික ප්‍රදේශයේ සිදු වූ අඛණ්ඩ පිපිරීම් කිහිපයකින් පසුව, එම ප්‍රදේශයේ විශාල ගින්නක් ඇති බවට වාර්තා වී තිබේ.

මිනිත්තු 20 ක් ඇතුළත අවම වශයෙන් පිපිරීම් හතක්වත් ඇසුණු බව ඉරාන මාධ්‍ය සහ කලාපීය ආරංචි මාර්ග පැවසීය.

එපමණක් නොව, ජෙබෙල් අලි වරාය අසල සිට අහස දෙසට යන කළු දුමාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී ඇති බව කියනු ලැබේ.

වසර 5කට පසු මේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසාද දීමනා - රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක්

වසර 5කට පසු මේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසාද දීමනා - රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයෙකු තවමත් වගකීම භාරගෙන නොමැත.

ඒ සමඟම, ගිනි අනතුර රූගත කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී තිබේ.