රටේ කොන්වී සිටි දෙමළ ජනතාවට ආණ්ඩුව කළ දේ අමාත්‍ය බිමල් කියයි

Tamils Parliament of Sri Lanka Bimal Rathnayake
By Gagana News Feb 25, 2025 12:32 PM GMT
Gagana News

Gagana News

Report

 මෙරට දෙමළ ජනතාව සදාකල් මෙරට තුල කොන් කර තබා තිබු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාය අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරනය කර සිටියා.

ඔහු කියා සිටියේ කොන්කර සිටි දෙමල ජනතාව වත්මන් ආණ්ඩුව මේවන විට වැළඳගෙන ඇති බවයි.

දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන මෙම ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

අලුත්කඩේ ඝාතකයාට කවුරුත් දන්නා නීතීඥවරයෙකු නමින් ඇමතුම්...

මේ අතර මෙයට පෙර පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න විපක්ෂය ප්‍රශ්න අසා සිටියද ඊට නිසි පිළිතුරු සපයා නොමැති බවත් අද දිනයේ දී අසන ලද ප්‍රශ්න 8න්සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාලන සමයේ පාර්ලිමේන්තුවේ සිටියාට වැඩි කාලයට වඩා ගෙවුණු මාස තුනක කාලය තුල වත්මන් අගමැතිනි හරිණි අමරසුරිය අගමැතිවරිය පාර්ලිමේන්තුවේ සිටිමින් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ වෙනසක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මේවන විට තරගයක් ඇති වී ඇති බව ද ඔහු කියා සිටියා. එම තරගකාරිත්වය තමන් කැමති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.   

ReeCha