වරායේ ඇති කෝටි ගාණක් වටින වාහන වලට වෙන්න යන දේ ..?

By Sithumi Oct 09, 2021 10:02 AM GMT
Sithumi

Sithumi

Report

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත.

ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන් වේ. කොළඹ වරායේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ යුරෝපා රටවලින් ආනයනය කළ ඒවා වන අතර හම්බන්තොට වරායේ ඇති වාහන අලෙවිකරුවන් විසින් ජපානයෙන් රැගෙන ආ ඒවාය.

මීට පෙර ආණ්ඩුව සඳහන් කළේ කොළඹ වරායට ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි. එහෙත් මෙරටට ගෙන්වා වසර එකහමාරකට ආසන්න වන එම වාහනවල නිෂ්පාදන වර්ෂය කල් යාමත්, ගාල්කර ඇති ආකාරයෙන් විනාශ වීමත් නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බව එම වාහන ආනයනය කළ පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම වාහනවල විස්තර මුදල් අමාත්‍යාංශය මගින් ලබාගෙන ඇති බවත්, එහෙත් වාහනවලට සිදු කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹීමට රේගුවට කිසිදු උපදෙසක් ලැබී නොමැති බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now