අලුත් අවුරුද්දට රජයෙන් ජනතාවට තවත් සහන රැසක්.

Sinhala and Tamil New Year Government Of Sri Lanka
By Wayomi Apr 10, 2024 07:47 AM GMT
Wayomi

Wayomi

Report

අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

ඒ, අනුව මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ තිබෙනවා.

මේ වන විට බිත්තරයක මිල රුපියල් 40කට ආසන්න වී ඇති අතර වෙනත් වර්ෂවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු මිල ගණන් ඉහළ ගියද මෙවර එම තත්ත්වය පාලනය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මැයි මාසය වන විට බිත්තරයක මිල රුපියල් 30ක මට්ටමකට පැමිණෙනු ඇති බවටද ඔහු විශ්වාසය කරන බවයි තවදුරටත් සඳහන් කළේ.