උතුරේ තරුණයින්ට සුභ ආරංචියක්

Report

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (19) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වෙත්නන් සිංහන් මහතා, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක්, උතුරු පළාතේ අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් හා සිසුන් පිරිසක් සහභාගී වූහ.

ඉදිරි දශක දෙක තුළ ගුවන් සේවා ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනය හමුවේ නිර්මාණය වන අනාගත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ගයක් හදිසියේම වැසේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ගයක් හදිසියේම වැසේ

එමෙන්ම පාසල් දරුවන් හා උසස් අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන්ට ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමට මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රියාකාරකම් අතර පාසල් ගුවන්සේවා සමාජ ස්ථාපිත කිරීම, පාසල් කේන්ද්‍ර කරගත් දැනුවත් කිරීම්, ප්‍රායෝගික වැඩසටහන්, ගුවන්තොටුපළ මෙහෙයුම් පිළිබඳ ක්ෂේත්‍ර චාරිකා, තෘතීයික අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා විශේෂ දැනුවත් කිරීම් හා උසස් අධ්‍යාපනය හදාරන තරුණයන් සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ අවස්ථා පිළිබඳ වැඩසටහන් ඇතුළත් වේ.

වැඩසටහන අවසානයේ අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේ පැවසීය:

සමාජයේ බොහෝ දෙනෙකු ගුවන් යානා අලුත්වැඩියා ඉංජිනේරුවරුන් හෝ පයිලට්වරුන් වීමට ආසා වුවද, ඒ සඳහා යා යුතු මාවත පිළිබඳ අවබෝධය ඉතා අඩුයි.

එබැවින් සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙසේ දැනුවත් කිරීම් කිරීම ඉතා වැදගත් කාර්යයක්.

දැනට දකුණු ආසියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හා ගුවන් සේවකයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින නමුත්, ක්ෂේත්‍රයට එක්වන පිරිස අඩු වීම නිසා එම ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇත.

එබැවින් අපේ තරුණ පරම්පරාව ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම සේවය කළ හැකි ලෙස සූදානම් කළ යුතුය.

මෙම පණිවිඩය රැගෙන යෑමට පැමිණි ඔබ සැමට ස්තූතියි.

මාධ්‍ය හැඳුනුම්පත් නව රෙගුලාසි අනුව පමණයි

මාධ්‍ය හැඳුනුම්පත් නව රෙගුලාසි අනුව පමණයි