පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ගයක් හදිසියේම වැසේ

Report

අද ( 21) පෙරවරුවේ සෝමාවතිය - සුංගාවිල මාර්ගය අඩියකින් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබේ.

පෙරවරු 9.15ට වන විට තත්ත්වය සැලකිල්ලට ගෙන නිකුත් කළ නිවේදනයට අනුව, සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ග කොටස අඩියකින් පමණ ජලයෙන් ආවරණය වී ඇති බව වාර්තා වේ.

මරික්කාර් හෙළි කළ රහස මෙන්න

මරික්කාර් හෙළි කළ රහස මෙන්න

ඒ හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා මාර්ගය තාවකාලිකව වසා ඇති අතර, බර බර ප්‍රවාහනය සඳහාද ගමන් බිමන් සීමා කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ, මෙම ජලය ඉක්මනින් අඩු වන බවක් නොපෙනෙන බැවින් එම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, තත්ත්වය ගැන සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.  

පසුගිය රජයේ ආර්ථික ජයග්‍රහණ IMF ප්‍රධානියාට මතක් කර දීපු හර්ෂ

පසුගිය රජයේ ආර්ථික ජයග්‍රහණ IMF ප්‍රධානියාට මතක් කර දීපු හර්ෂ