හිටපු ඇමති මනූෂගේ සොයුරා යළි රිමාන්ඩ්.

Report

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ තීරණය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තිසර ඉරෝෂණ නානායක්කාර නමැති මෙමෙ සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.

ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ම අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

  

සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවයි.

ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 27 වනදා සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැති අතර අනතුරුව සැකකරුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

ඒ අනුව සැකකරුව පසුගිය 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.        

එක්වරම සහල් අලෙවි කිරීම නවතා දමයි.

එක්වරම සහල් අලෙවි කිරීම නවතා දමයි.

You May Like This Video