රට රැකියාවට යන්න තවත් පිරිසකට අවස්ථාව උදා වෙයි - ජනතාවටත් දැනුම්දීමක්.
Manusha Nanayakkara
Sri Lanka Politician
Sri Lanka
Israel
By krishani
තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා.
ඔවුන් සඳහා අද (31) ගුවන් ටිකට්පත් ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමි වූ 69 වන ශ්‍රමික කණ්ඩායම වේ.
ලබන 02වැනිදා ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර මෙම වසරේ ගත වූ මුල් මාස 06 තුළදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.
ඒ දෙරට අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුවයි.
කෙසේ වෙතත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසයි.
