මෙරට ආයතන 400ක් තහනම් කරයි..
විදේශ රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් පැවසීය.
සංචාරක වීසා මගින් පුද්ගලයන් විදෙස් ගත කර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම අපොහොසත් වීම හේතුවෙන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇත්තේ.
එමෙන්ම උණ්ඩියල් ක්‍රමය හරහා ගණුදෙනු සිදු කළ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් ද තාවකාලිකව තහනම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |