හිටපු ඇමති මනූෂගෙන් අධිකරණයට ඉල්ලීමක්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසම ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) එම කොමිසමේ නිලධාරීන්ට නියම කර තිබේ.

සැකකාර මනූෂ නානායක්කාර මහතා විසින් කළ එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ සලකා බලන ලදි.

එහිදී සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය විසින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් ඉල්ලා සිටින ලදි .

පළාත් සභා ජන්ද විමසීම ජන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් කොළ එලියක්

පළාත් සභා ජන්ද විමසීම ජන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් කොළ එලියක්

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දී තිබේ .

එදින දෙපාර්ශවයේ කරුණු විමසා සුදුසු නියෝගයක් අධිකරණය විසින් ලබාදෙන බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.   

රටම කතා කළ දූෂණයට ළක් වූ අනුරාධපුර දැරි‍ය වෙනුවෙන් ආදිත්‍යත් හඩ අවදි කරයි

රටම කතා කළ දූෂණයට ළක් වූ අනුරාධපුර දැරි‍ය වෙනුවෙන් ආදිත්‍යත් හඩ අවදි කරයි