ප්‍රකාශයක් ලබාදෙන්න හිටපු අමාත්‍ය මනූෂ CIDයට...
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
You may like this video