හිටපු ඇමති මනුෂට එරෙහි නඩුව කල් යයි
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහි නඩුවක් ලබන මාර්තු 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ වගේම පසුගිය රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවිමේ දී අක්‍රමිකතා සිදුවු බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය ධුරය අවභාවිත කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබේ.
ඒ වගේම එම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍යවරයා අද (10) දින එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.