හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් - කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද (28) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා ඇත.
ඒ අනුව සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම කියා සිටියේ සිද්ධියට අඳාළව මූලික විමර්ශන කටයුතු අවසන් බැවින් නෛතික ක්‍රියාමාර්ග දැනුම් දීමට දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
එබැවින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 18 වන දින නියම කර තිබෙනවා.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි
එසේම සිද්ධියට අදාළ සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.
ඉකුත් රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේදී ඇමැති ධුරය අවභාවිත කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කළ බව කියන සිද්ධියට අඳාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන මෙම සැකකරු මේ වන විට ඇප මත මුදාහැර ඇත.