බත් කාලත් හමාරයි...ආනයනික සහල් ගැන ඇහෙන ඇඟ හිරිවැටෙනන පුවත..

Report

ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ,පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 3ක ඇති සහල් තොග පරිභෝජනයට නුසුදුසු සහල් බවට හඳුනාගෙන තිබේ.

ඒ අතරට සහල් කිලෝග්‍රෑම් 75,000ක් අයත් ය.සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින්,  මෙලෙස දිවයිනට රැගෙන එන සහල් රේගුවෙන් නිදහස් කිරීමට පෙර පරික්ෂාවට ලක් කරනු ලබයි.

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

ඒ අනුව සිදුකළ පරික්ෂා කිරීම්වලදී ආනයනය කළ බහාලුම් 03ක තිබු සහල් කිලෝග්‍රෑම් 75,000ක් පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගෙන ඇත. ඒ අතරින් බහාලුම් දෙකක තිබු සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල නිෂ්පාදිත දිනය ඇතුළත් පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා තිබිම හේතුවෙන් එම බහාලුම් සෞඛ්‍ය අංශ මගින් රේගුවෙන් නිදහස් කිරීමට අවසර ලබාදී නොමැත.

රජය ඉකුත් 04 වනදා සිට, මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදී තිබුණි.

ලංකාවටම විශේෂ වන 17 සහ 18 මොකද වෙන්නේ..පාසල් දරුවන්ට ඉතාමත් වැදගත්..

ලංකාවටම විශේෂ වන 17 සහ 18 මොකද වෙන්නේ..පාසල් දරුවන්ට ඉතාමත් වැදගත්..

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වනදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2,300ක් රේගුව වෙත ලැබී තිබුණි. ඒ අතරින් 90%ක් පමණ ඊයේ වනවිටම රේගුවෙන් නිදහස් කර තිබුණි.

……………………………………………………………………………

You may like this video 👇