දින පහක් තුළ පෞද්ගලික අංශය සිදු කළ දේ..

By Sewvandhi Dec 15, 2024 03:49 PM GMT
Report

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ,පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ පසුගිය 9 වනදා සිට ඊයේ (14) දිනය දක්වා වූ කාලය තුළ එම සහල් තොගය ආනයනය කර ඇති බවය.

ඔහු සඳහන් කළේ, ඊට නාඩු සහල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ සුදු කැකුළු මෙට්‍රික් ටොන් 1,800ක් ඇතුළත් වන බවයි.

මේ අතර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද මෙට්‍රික් 52,000ක සහල් තොගයේ පළමු ඇනවුම ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,200ක් ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතව තිබේ. දිවයින පුරා පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලය හරහා එම සහල් අලෙවි කිරීමට නියමිතය.