රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට - ලැබෙන පිරිස මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jan 14, 2023 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.

මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙම සහල් කිලෝ 10 ලබාදීම සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha