සහල් සම්බන්ධයෙන් මිලක් නියම කරයි

Srilanka economy
By Sithumi Oct 02, 2021 11:18 AM GMT
Sithumi

Sithumi

Report

නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. එළැඹෙ ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග ලබා දෙන බවද ඔහු පැවසීය. 

 ඒ මහතා මේ බව කියා සිටියේ ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනී. මේ අතර කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවද ඒ මහතා පැවසීය. 

මේ රටට හානිකාරක කිසිදු බැක්ටීරියා වර්ගයක් ඇති පොහොර වර්ගයක් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now