මන්නාරම බලාගාරයට අවශ්‍ය සුළං පෙති කොළඹ වරායට

Report

අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කිරීමේ ජාතික අරමුණ පෙරදැරි කරගනිමින් ඉදිකෙරෙන මන්නාරම මෙගාවොට් 50 ක ධාරිතාවයකින් යුත් සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියට අවශ්‍ය යෝධ සුළං ටර්බයින පෙති තොගය කොළඹ වරායට සාර්ථකව රැගෙන ආ බව වාර්තා වේ.

මන්නාරම කලාපය පුරා වසරේ වැඩි කාලයක් පවතින ප්‍රබල සුළං සක්‍රීයතාව උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගනිමින්, මෙරට ජාතික විදුලි පද්ධතියට ඉතා අඩු නිෂ්පාදන වියදමකින් යුත් විදුලි බලයක් එක් කිරීම මෙම මහා පරිමාණ පරිසර හිතකාමී ව්‍යාපෘතියේ මූලිකම අපේක්ෂාව වී තිබේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

මෙවැනි නවීන සුළං බලශක්ති ව්‍යාපෘති හරහා දේශීය විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට හැකි වනවා සේම, තාප විදුලි උත්පාදනය සඳහා වැයවන ඛනිජ තෙල් ආනයන වියදම සීමා කරගනිමින් විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරගැනීමට ද මින් මඟ පෑදේ.

කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට