මැණිකේ… ඉන්දියාවේ දේශපාලන වේදිකාවට යොහානිත් යයි. (VIDEO)

Yohani De Silva Manike mage hithee Mamaatha banji Political Indian
By Aruna Sep 24, 2021 05:55 AM GMT
Aruna

Aruna

Report

මෑතකදී ලංකාවේ සිංහල ගීතයක් වූ මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ මෙන්ම ලොව පුරා කතාබහට ලක්වුණ ගීතයක් වුණා.

මේ වනවිට එම ගීතය පාදක කර ගනිමින් බෙංගාලයේ තීරණාත්මක අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා වූ මමාතා බැනර්ජිගේ ව්‍යාපාරය සඳහා දැන් එම ගීතය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

බැනර්ජි මහත්මියගේ අතුරු මැතිවරණ තරඟයට දින කිහිපයකට පෙර මෙම ගීතය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර නිෂ්පාදකයින් බලාපොරොත්තු වන්නේ එය ලාංකික ගායිකා යොහානි දිලෝකා ද සිල්වාගේ මුල් පිටපත තරම් ජනප්‍රිය වනු ඇති බවයි.

අදාල වීඩියෝ එක මෙතනින් බලන්න?


මේ අතර දෙකෝටියකට මදක් වැඩි ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට දොලොස් කෝටි විසි ලක්ෂයකට අධික වාරයක් යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යුක්රේනයෙන් පැමිණි 13 හැවිරිදි කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ අමෙරිකාවේදී සිය වයලීනයෙන් වාදනය කළ අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා.

කැලිෆෝනියාවේ - සැන්ටා මොනිකා හි ජනාකීර්ණ වීථියක සිංහල ගීතයක රාවයක් නින්නාද දීම එරට සිටින ශ්‍රී ලාංකිකයින්ටද අපූරු අත්දැකීමක් වුණා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස්ද ඊයේ ට්වීටර් සටහනක් එක් කළා.

එහිදී ඇය කියා සිටියේ කැලිෆෝනියාවේ වීථියක වැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මිලියන සංඛ්‍යාත පිරිසක් මෙන්, තමාද බෙහෙවින් රස විඳි බවයි.

සංගීතය විශ්ව භාෂාවක් බව ඉන් තවදුරටත් තහවුරු වන්නේ යැයි අමෙරිකානු තානාපතිවරිය එහිදී කියා සිටියා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now