මැණිකේ මගේ හිතේ’ ගීතයට දැඩි විවේචනයක්..වහාම නවත්වන්න කියයි.(VIDEO)
Sri Lanka
Yohani
Music
Manike mage jhithe
Karina perahara
By Aruna
විහාරස්ථානවල කඨින පිංකම් පවත්වා අවස්ථාවන්හිදී භක්ති ගීත ප්‍රචාරය කිරීම සහ කඨින පෙරහර කටයුතුවලදී ආගමික පසුබිමක් සහිත හා ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් යොදාගන්නා ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් ඇති ගීත පමණක් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි.
කඨින පිංකම් සදහා යොදා ගන්නා ගීත හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවේචන සම්බන්ධයෙන් ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කරමින් කඨින පුණ්‍ය උත්සව පවත්වන්නැයි ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
‘මැණිකේ මගේ හිතේ’ ගීතය කඨින පෙරහැරවල වාදනය කිරීම මේ දිනවල සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
