දුම්රිය ස්ථානයක දැඩි කලබලයක් - වහලයත් කඩාගෙන පුද්ගලයකු බිමට (PHOTOS)

Report

මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත අද (05) උදෑසන 10ට පමණ  ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ.

මරදාන පොලීසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ම ඔහුට වහලෙන් බහින ලෙස පැවසුවද එය අසාර්ථක විය.

ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටුණි.

ඔහුගේ හිසට තුවාල වී ඇති අතර පසුව ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කිරීමට කටයුතු කොට ඇත.

GalleryGalleryGallery