ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපීමට උත්සාහ කළ පුද්ගලයෙක් විදුලි සැර වැදී මරුට

Report

මාලබේ තලාහේන විජයමාවත ප්‍රදේශයේදී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇති බවට මාලබේ පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

අද (14) අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ලද පණිවිඩයක් අනුව එම පුද්ගලයාගේ මළ සිරුර විදුලි කණුව අසල වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අඩි 15 ක් පමණ උස ට්‍රාන්ස්ෆෝමරය මතට පිහියක් සහ ලී කොටයක් රැගෙන මියගිය පුද්ගලයා නැග ඇති බවයි.

තවත් මහමොළකරුවෙක් අත්අඩංගුවට

තවත් මහමොළකරුවෙක් අත්අඩංගුවට

ඒ අනුව මෙම පුද්ගලයා තඹ කම්බියක් කපමින් සිටියදී ඔහුගේ හිස ඉහළින් තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ඔහුට විදුලි සැර වැදී තිබේ.

විදුලි සැර වැදීමත් සමඟම අධි බල විදුලි කණුවේ එක් පියුස් ස්විචයක් ඉබේම විසන්ධි වීම නිසා ප්‍රදේශයේ නිවාස කීපයකට විදුලිය විසන්ධි වී ඇති බව  ද  පොලිසිය ප්‍රකාශ කර ඇත.

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

විදුලි සැර වැදී පිලිස්සී සිටි මෙම පුද්ගලයා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්ථා වේ.

මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසිංහගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.