මාලිමා මන්ත්‍රීට ගුටි පූජාවක්
කරාඩුගල පොලිසිය වාර්තා කර ඇත්තේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් ගැන තොරතුරු පොලිසියට ලබා දීම හේතුවෙන්, බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට එම ජාවාරම්කරැ විසින් පහර දී ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට බිබිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ජාතික ජන බලවේගය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා, පදියතලාවේ දොරකුඹුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී මත්පැන් ජාවාරම ගැන පොලීසිය දැනුවත් කර තිබේ.
මේ බව දැනගත් ජාවාරම්කරු ඔක්තෝබර් 10 වැනි දින පස්වරුවේ මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ වාදයකට පැටලී පසුව ආරවුල උග්‍රවීමෙන් අනතුරුව, සැකකරු මන්ත්‍රීවරයාට පහර දී තිබේ.
පසුව මන්ත්‍රීවරයා රෝහල් පොලිසියට ලබා දුන් පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ෂණ මෙහෙයවන අතර සිද්ධියෙන් පසු සැකකරු පලා ගොස් ඇත.