අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුවට රංග ආවේ බිමල්ගේ වැඩකින් - ගම්මන්පිලගෙන් මාලිමාවට චෝදනා [VIDEO]
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමග යවා ඇති බවට චෝදනා කරයි.
ගම්මන්පිල මහතා එසේ චෝදනා කර ඇත්තේ අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
එසේම එහිදී ඔහු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත්කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුනොවීම පිළිබඳව ද මෙහිදී කරුණු රැසක් හෙළි කර තිබෙනවා.
එහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නක්,
'' දූෂණ විරෝධී පනතේ, ඉංග්‍රීසි පිටපතේ තිබෙනවා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්විය යුත්තේ අපරාධ නඩු පැවරීම පිළිබඳ වසර පහළොවක අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක් කියලා. ඇත්තෙන්ම දෙදහස් විසිහතරේ ඔක්තෝබර් මාසේ දහතුන් වෙනිදා, රංග දිසානායක මහතා මේ තනතුරට අයදුම් කරනවා. නමුත් ඔහුට අපරාධ නඩු පැවරීම පිළිබඳ එක දවසකවත් පළපුරුද්දක් නෑ. අයදුම්පත් දාසයක් එනවා. ඒකෙන් දහයක් පමණයි සම්මුඛ පරීක්ෂණවලට කැඳවන්නේ. හැබැයි ඒ දහයට මූලික සුදුසුකම් සම්පූර්ණ නොකළ රංග දිසානායක අයත් වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වන මාධව තෙන්නකෝන් මහතා. දෙවනියට වැඩිම ලකුණු ලබා ගන්නේ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා. දෙදාස් විසිහතරේ දෙසැම්බර් තිස් එක් වෙනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමට මේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙනවා. දෙදාස් විසි පහේ ජනවාරි තුන්වෙනිදා ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා තමන්ගේ ලකුණු සීයට තිහ, එතකොට එක වෙනවා මාධව තෙන්නකෝන් මහතා. දෙක වෙනවා රංග දිසානායක මහතා. ඔය අතරේ දෙන්නගෙන් වඩා සුදුසු කවුදැයි කියලා සභාවේ සාකච්ඡාවක් ඇති වෙනවා. මාධව තෙන්නකෝන් මහතා පිළිබඳ මතු කරන ගැටලුව තමයි ඔහු දූෂණ විරෝධී කොමිසමේ ෆීජී රටේ නීති කළමනාකරු විදිහට කටයුතු කරන්නේ හමුදා ආණ්ඩුවක් යටතේ වීම නිසා ඒක නුසුදුසු කමක් විදිහට මතුකරනවා. වඩාත් බරපතළ චෝදනාවට ලක්වෙන්නේ රංග දිසානායක මහතා. රංග දිසානායක මහතාව නිර්දේශ කරන දෙන්නම ආණ්ඩුකාරවරු , ආණ්ඩුකාරතුමයි, සබරගමුවේ ආණ්ඩුකාරතුමියයි. මේ වෙලාවේ රංග දිසානායක මහතා බේරගන්න මැදට පනින්නේ, සභානායක, බිමල් රත්නායක ඇමතිතුමා. එතුමා කියනවා, නෑ, නෑ, මේ දෙදෙනා ආණ්ඩුකාර තනතුරට පත් වෙන්නේ රංග දිසානායක මහතාව නිර්දේශ කළාට පස්සේ. ඒ නිසා ඔවුන් ඒ මොහොතේ දේශපාලන පත්වීම් ලබපු පළාත් දෙකක විධායකයේ කොටස්කරුවන් නෙවෙයි කියලා. හැබැයි ඒක අතේ පත්තු වෙනවා. රංග දිසානායක මහතාගේ අයදුම්පතේ නිර්දේශ කරන අය ලෙස මේ දෙන්නගේ නම් සඳහන් කරලා තියෙන්නෙම සබරගමුවේ සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරුන් විදිහට. අපිට පේනවා රංග දිසානායක මහතා කොහොමහරි අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්කර ගැනීමේ යටි අරමුණ බිමල් රත්නායක ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව නොමග යවන්න තීරණය කරලා තිබෙනවා. කියන්නේ සභානායක බිමල් රත්නායක ඇමතිතුමානේ.
ඒ නිසා ඉතාම සද්භාවයෙන් දිනේෂා සමරරත්න මැතිනිය මේක පිළිගන්නවා. මාධව තෙන්නකෝන් මහතා පිළිබඳ මතු කළ ගැටලුව විසඳුව නැති නිසාත්, රංග දිසානායක මැතිතුමා පිළිබඳ මතුවුණු ගැටලු, බිමල් රත්නායක ඇමතිතුමා විසින් විසඳූව නිසාත්, දිනේෂා සමරරත්න මැතිණිය තීරණය කරනවා, තමන් ලකුණු දුන්න වගුව අරගෙන, තමන් වැඩියෙන් ලකුණු දීලා තිබුණු, මාධව තෙන්නකෝන් මහතාට වඩා රංග දිසානායක මහතාට ලකුණු වැඩිවෙන ආකාරයෙන් තමන්ගේ ලකුණු ලබාදීම යළි සංශෝධනය කරන්න. ඒත් අංක එකට ඉන්නේ මාධව තෙන්නකෝන් මහතා. දෙන්නාගෙම නම් ලබාගත් ලකුණුත් සමග ජනාධිපතිතුමාට යැවීමට තීරණය කරලා ජනවාරි තුන්වෙනිදා ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අවසන් වෙනවා. හැබැයි අගමැතිනිය මැදිහත් වෙලා නැවත ජනවාරි මේ කාරණය සාකච්ඡා කරන්න ව්‍යවස්ථාදායක සභාව යළි කැඳවනවා. එතනදී සභාවේ එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණු නිසා සාමාජිකයන් අතර ඡන්දයක් පවත්වන්න තීරණය කළා. ඡන්දයේදී රංගට ඡන්ද පහයි. මාධවට ඡන්ද හතරයි. වැඩි ඡන්ද ලබාගත් රංග දිසානායක මහතාගේ නම් ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න තීරණය කරලා ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු නතර වෙනවා. බිමල් රත්නායක ඇමතිතුමා කියූ ටොම් පචය විශ්වාස කරලා මාධව අබේරත්න මහතාගෙන් රංග දිසානායක මහතාට වැඩි ලකුණු ලබා දුන්නු මහාචාර්ය දිනේෂා සමරරත්න මැතිණිය ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ඡන්දය දෙන්නේ රංග දිසානායක මහතාට. එහෙම දීලා තමයි පහට හතර වෙන්නේ. සභාව නොමග යැව්වේ නැතිනම් මාධව අබේරත්න මහතා පහට හතරේ වැඩි ඡන්දයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වීමට නියමිතව තිබුණා.''