සජබ එජාප සම්බන්ධය ගැන නිල වශයෙන් සජිත් ස්ථීර කරයි

Report

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන ලෙස ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සමගි ජන බලවේගය අද (09) දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව සඳහන්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්න ගැටලුවලට, විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවයි.

රනිල් රටහැර රුසියාවට යයි හදිසි හමුවක් කැදවයි

රනිල් රටහැර රුසියාවට යයි හදිසි හමුවක් කැදවයි

කෙසේ වෙතත් මින් පෙරද අවස්ථා ගණනාවකදීම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව යන ගමනක් ගැන විවිධ දේශපාලන කතිකාවත් ගොඩ නැගුනද එය දේශපාලන ආරංචි මාර්ග පමණක් විය.  

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

නි.ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින් - චාමර

නි.ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින් - චාමර