අස්වැසුම ගැන සුභ ආරංචියක්

Report

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වගකීම පැවරී ඇත.

එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම්වල එය ක්‍රියාත්මක වේ.

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

එම නියමු ව්‍යාපෘතිවල ක්‍රම වේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එකී නියමු වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143 ක ග්‍රාම නිලධාරි වසම් 839 ක පදිංචි පවුල් අතරින් තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23,775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සර්ව බල ගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබේ.

කෙල්ලගේ ඔළුවට පිහියෙන් ඇනලා මුහුණට ඇගට උණු දිය වත්කරලා ගිල්ලලා මරලා

කෙල්ලගේ ඔළුවට පිහියෙන් ඇනලා මුහුණට ඇගට උණු දිය වත්කරලා ගිල්ලලා මරලා