"මෝඩ තරිදු" – තිසර ඉඹුලානගේ නව හාස්‍ය චිත්‍රපටිය දැන් තිරගත වෙමින්

Report

මෝඩ තරිදු කියන්නේ මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් තිරගත වන අපූරු ප්‍රහසන චිත්‍රපටියක්.මෝඩ තරිදු නිර්මාණය වෙන්නේ තිසර ඉඹුලාන කියන දක්ෂ නිර්මාණ ශිල්පියා අතින් . තිසර මංගල සහ තිසර ඉඹුලානගේ තිර රචනයෙන් නිර්මාණය වුණ හාස්‍ය රසය මුසු කරගත් අපූරු සිනමා සිතුවමක්.

එවගේම මෙම සිනමාපටයෙහි නම නිර්මාණය වෙන්නට හේතුවක් වී ඇත්තේද සමාජ මාධ්‍යයි . මොකද මේ තරිදු කියන නම බොහෝ මීම්ස් හැදිලා තිබුණ නමක්. ඒ නමත් එක්ක මෝඩකම බැදි තියනවා මෝඩ- තරිදු කියන නමම එකතුවෙලා යුගල පදයක් පදයක් වෙලා තියනවා. ඒ හින්දම තමයි මේ නම මේ චිත්‍රපටියට යොදාගන තියෙන්නේ.


එවගේම මෙම චිත්‍රපටය මේ තරම් සාර්ථකව තිරගත වෙන්නට දායක වුණ ලොකු පිරිසක් ඉන්නවා. කැමරාකරණයෙන් හසිත වර්ණසූරිය,සංස්කරණයෙන් චන්දන ප්‍රසන්න එවගෙම සිනමා නිර්මාණයට ගැළපෙන ඒ අපූරු සංගීතය තාරුණ්‍ය ආකර්ෂණාය නොඅඩුව දිනාගත් දිනේෂ් ගමගේ විසින් .එවගේම රූපරාමුවලට උචිතම ඒ හඩවල් ගායනයට එක්කාසු කරලා තියෙන්නේ දිනේෂ් ගමගේ, කයිසර් කයිස්,ශනුද්‍රි ප්‍රියසාද්,දේවාශ්‍රී ද සිල්වා වගේ ලංකාවම දන්න මිනිස්සු ගොඩක් ආදරය කරන ගායන ශිල්පීන් , ශිල්පිනියන්. ඒ ගායනය ප්‍රේක්ෂකයන් වෙනම තැනකට අරගන යනවා කිව්වොත් මම හරියටම හරි. ඒ වගේම පද රචනය කරන්නේ මනුරංග විජේසේකර, නිසල් ගමගේ කියන අපූරු වචන හසුරවන ගේය පද රචකයින් දෙදෙනා.

චිත්‍රපටි සංස්කරණය - චන්දන ප්‍රසන්න,වේශ නිරූපණයෙන් චාමර නිරෝෂාන් එවගේම කලා අධ්‍යක්ෂණය උදාර චින්තක වගේම ඇඳුම් නිර්මාණය සිදුකරන්නේ සුධීර චන්ද්‍රසේන, ශබ්ද සැලසුම සහ නාද ශික්ෂණය- සසික රුවන් මාරසිංහ ,වර්ණ සංයෝජනය - භවන්ත ගමගේ ,නර්තන අධ්‍යක්ෂණය - කවිඳු මදුෂාන් මේ වගේ බොහෝ පිරිසකගේ දායකත්වය මේ සදහා ලැබී තියනවා.

ඒ වගේම තමා නිසග රංගන හැකියාවෙ මේ සිනමා සිතුවම තවත් හැඩ කරන්නේ සූර්යා දයාරුවන් ,කෞශල්‍යයා ප්‍රනාන්දු ,ශනුද්‍රි ප්‍රියසාද් ,ධනුක ඩිල්ෂාන්,ශෙහානි කහඳවල,සේවියර් කණිෂ්ක,නිල්මිණි කෝට්ටෙගොඩ,නිමල් ජයසිංහ,උපාලි සිල්වා,නිල්මිණි සිගේරා,චතුර රාජපක්ෂ,ශාක්‍ය ශ්‍රීවර්ධන ,රොවෙල්‍ රෙහාන් කොතලාවල (

ළමා නළු ) වගේ ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ආදරය කරන දක්ෂ රංගන ශිල්පීන් ශිපිනියන්.

විචාරකයන් සදහන් කළේ එකිනෙකාට නොදැවිනි රංගන ප්‍රතිභාව නිසා මෙම නිර්මාණය තවත් සාර්ථක වී ඇති බවයි. ඒ හැම කෙනෙක්ගේම මහන්සියට වටිනාකමක් එක්කරමින් මෙම චිත්‍රපටිය සාර්ථක ලෙස තිරගත වෙනවා.බොහො ප්‍රේක්ෂකයන් පවසන්නේ හිතේ ප්‍රශ්න සියල්ලම අමතක කරමින් සතුට හිනාව මුවගට එක්කරන්න මේ නිර්මාණය සමත් වුණ බවයි ප්‍රේක්ෂක සිත් ඇද බැද තබාගන්නට සමත් කතාවක් මේ චිත්‍රපටය පුරාවටම අපිට දකින්නට පුළුවන් .

ඒ තමයි

ටෙක්නිකල් කොලේජ් එකේ ඉගෙනුම ලබන තරිඳු සහ දිනූ කියන්නේ පෙම්වතුන් . මේ අතර කොලේජ් එකට අලු‍තින් එන රසික සහ දිනූ අතර සම්බන්ධයක් ඇතැයි තරිඳු සැක කරනවා . ඒ පිළිබඳව දිනූගෙන් අහනවා. නමුත් තරිඳුගේ සැකය නැති කරලා රසික, දිනූගේ පැරැණි මිතුරෙක් බවයි ඇය කියන්නේ . නමුත් දිනූ තමන්ට බොරු කරන බව තරිඳු දැන ගන්නවා. තරිඳු දුකට පත්ව කිසිවක් කරගත නොහැකිව අසරණව සිටින මොහොතේ දී තරිඳුගේ ආච්චි තමා ඔහුගේ පිහිටට එන්නේ .

තම ආදරණීය මුණුපුරාගේ දුක තුනීකරලීමේ අරමුණෙන්, ආච්චි විසින් දිනූගේ පැටිකිරිය සාක්ෂි සහිතව තරිඳුට එළිකරනවා. දිනූ සමඟ රසික ප්‍රේම සම්බන්ධයක් ඇති බව තරිඳුට තහවුරු වෙනවා. තරිඳු දිනූගෙන් පළිගන්න තීරණය කරනවා. මේ අතර තරිඳුට සොපියා නම් තරුණියක් හමුවෙනවා. ආච්චිගේ විරෝධය නොතකා තරිඳු, සොපියා සමඟ ප්‍රේම කරනවා.සොපියා තරිඳුගේ සහ දිනූගේ ආදර කතාව දැනගන්නවා. දිනූ ගැන හිතමින් තරිඳු දුක්වන බව සොපියාට තේරෙනවා. දිනූගෙන් පලිගැනීමට සොපියා ද තරිඳුට අනුබල දෙනවා. අවසානයේදී ඔවුන් නොසිතන මොහොතක දී දිනූගෙන් සහ රසිකගෙන් පලිගැනීමට තරිඳුට අවස්ථාවක් උදාවෙනවා.


මේ කතාව වටා අපූරු සිදුවීම් දාමයක් ගොඩනගලා තියනවා. ඒ නිසාම තමයි කතාව මේ තරම් රහට හරි අපූරුවට ගලාගන යන්නේ . මේ වෙද්දී ප්‍රේක්ෂකයන්ගේ සිත් පිනවමින් සාර්ථක ලෙස සිනමාහල්වල චිත්‍රපටය තිරගත වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය අපි අපි ටම හිනාවෙන්න කියාදෙන කතාවක්.ඉතිං '' මෝඩ තරිදු '' පසුගියදා තිරගත කිරීම ආරම්භ වුණා.ඉතිං ඔයාටත් පුළුවන් මෝඩ නොවී මෝඩ තරිදු බලන්න . එන්න අපි අපි අපිටම හිනාවෙලා වැරදි හදාගමු.

“මොකවත්ම කියන්න බැරි ෆිල්ම් එකක්නං ඒ තමයි "මෝඩ තරිඳු"- ලක්මාල් ධර්මරත්න  එලෙස අදහස් දක්වා තිබුණා.


''සිනමා ශාලාවට ගිහින් ෆිල්ම් එක විඩියෝ කරන මෝඩයෙක් වෙන්න එපා ''

මෝඩ තිරිදු   මෝඩ තිරිදුගේ උපදේශයක්            

Gallery