කිරිඳි ඔය අවට ජනතාවට විශේෂ පණිවිඩයක්
අලිකොටආර ජලාශයට ජලය සපයන උමාඔය ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන මහ වැස්සත් සමඟ එම ජලාශය ජලයෙන් පිරී ඇත.
එම ජලාශයේ ජල ධාරිතාවය ඝන අඩි 4987 කි.
උමා ඔය ජල විදුලි බලාගාරයෙන් පිටවන ජලය අලිකොටආර ජලාශයට එක්වන අතර එම ජලාශයේ ඉහළ කඳුවැටියේ ජල මූලාශ්‍රවල ජලය ද එයට එක් වී තිබෙයි
එම ජලය ගලාගෙන යන්නේ කිරිඳිඔය හරහා ලුණුගම්වෙහෙර ජලාශයටයි.
මෙම තත්වය මත ජලාශයේ වාන් දොරටු තුනම අඩි දෙකක් පමණ විවෘත කළ බව වැල්ලවාය වාරිමාර්ග ඉංජිනේරු චන්දිම සේනාරත්න මහතා පවසයි.
වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව අදහස් දැක්වූ මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඒ.එච් රවීන්දර කුමාර මහතා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්
“කිරිඳි ඔයට ජලය මුදාහැරීම නිසා ඔයේ ඉවුරු දෙපස ජලයෙන් යට වීමට ඉඩ ඇති හෙයින් සහ ජල පහරේ වේගය වැඩිවිය හැකි බැවින් ඔය දෙපස සහ ජලය පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.”