රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්ය කරයි

Report

රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා මඟින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 56,000ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබේ.

ආයේ පලතුරු කන්න බැරිවෙයි

ආයේ පලතුරු කන්න බැරිවෙයි

ඒ අනුව, ගුණාත්මක භාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම, එම කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවකයන්, මෙම කර්මාන්තයෙන් යැපෙන දේශීය උක් ගොවීන් මෙන්ම එම නිෂ්පාදන කර්මාන්තයට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම පිණිස දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇත.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමටත්, සීමා සහිත ලංකා සතොස විසින් සෘජුවම සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්