මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ගැන දැනුම්දීමක්

Report

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදුකරන කාර්යයන් පසුගියදා ඇණ හිට ඇති බවට වාර්තා වීමත් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද කාර්යයන් ද ඇණහිට ඇති බවට ව්‍යාජ තොරතුරු ඇතැම් පාර්ශවයන් විසින් මුදා හැර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

විශේෂයෙන් එම සේවාවන් ඇණහිට ඇති බවට තැරැව්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් අනවශ්‍ය පීඩනයකට ලක් කරමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

බිඳ වැටුණු රජයේ සේවාවන් වහාම යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ රැස්වීමක්

බිඳ වැටුණු රජයේ සේවාවන් වහාම යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ රැස්වීමක්

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරන මෝටර් රථ නව ලියාපදිංචි හා මෝටර් රථ පැවරීමේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුකරන බවයි.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට ඇප

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට ඇප

එ වගේම වේරහැර රියදුරු බලපත් අංශයේ කාර්යයන් මෙන්ම අනෙකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල කාර්යයන්ද කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් සිදුවෙමින් පවතින බව තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් තැරැව්කරුවන් ඇතුළු පිරිසගේ ව්‍යාජ තොරතුරු හමුවේ නොරැවටී කටයුතු කරන ලෙසයි.