භයානක රෝගයක් පැතිරෙයි - ඉක්මන් ප්‍රතිකාර නැත්නම් මරණය
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන්නේ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මී උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බැවින්, මේ වන විට රෝගය වැළඳුණු රෝගීන් 8,000 ක් පමණ වාර්තා වී ඇති බවයි.
ඔවුන් අනතුරු අඟවනවා ඇත්තේ මෙම සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩි විය හැකි බවත් රෝගය වැළඳී රෝහල්ගත වීම ප්‍රමාද වීමෙන් මරණයට පත් පිරිස 100 ක් පමණ වනු ඇති බවයි. කෙසේ නමුත්, සාමාන්‍යයෙන් සෑම වරකම මී උණ රෝගීන් 10,000 ක් පමණ වාර්තා වන අතර, මරණ 100 ත් 200 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබෙනවා.
මී උණ රෝගය පැතිර යන අවදානම් දිස්ත්‍රික්ක ලෙස රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, කුරුණෑගල සහ ගම්පහ යන ප්‍රදේශ හඳුනාගෙන ඇත.
වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දී ඇත්තේ පාදවල තුවාලයන් හෝ දිලීර ආසාදනයක් පවතී නම්, කුඹුරු වැඩවල, පතල් වැඩවල හෝ ගංවතුර පවතින ප්‍රදේශයන්ගේ ගැවසෙන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හමුවී මී උණ වැළැක්වීමේ ඖෂධ ලබා ගන්නා ලෙසයි.
වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලා සිටින්නේ අවදානම් රැකියාවන්හි නියුතුව සිටින අයට උණ, ඇඟපත වේදනාව, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් රෝහල් ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් මරණ සිදුවන බවයි.