නව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු හෙන්නායක ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණයට එක්වේ

Report

නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ දිනිඳු සමන් කුමාර හෙන්නායක අද (14) දින ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණයට එක් විය.

එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද එක් ව තිබේ.

මෙහි දී ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් හමු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බවයි.

මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පවතින ප්‍රධානතම ආයතනය ලෙස ජාතික තරුණ සේවා සභාව වර්තමාන තාරුණ්‍යයට ගැලපෙන තැනක් බවට පත් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සදහන් කරන ලදි.

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා පැවසුවේ අභියෝග කළමනාකරණය කරමින් ජාතික තරුණ සේවා සභාව වසරක කාලයක් තුළ නව පියවර ගණනාවක් තබා ඇති බවයි.

එම හමුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරුන් සහ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විය.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු බොහෝ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී තිබුණි.

ප්‍රීතියෙන් ගෙවෙන අද දවසේ මේ ලග්නවලට ව්‍යාපාරවලින් අත මිට සරු වේ

ප්‍රීතියෙන් ගෙවෙන අද දවසේ මේ ලග්නවලට ව්‍යාපාරවලින් අත මිට සරු වේ