මල්වෙඩිල්ලක් තරුණ ජිවිතයක් බිලිගනී.
Sri Lanka Police
Sri Lanka
Fire
Accident
Death
By Wayomi
මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇති බවයි.
මංගල උත්සවයේ මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරට ලක්ව තිබෙනවා.
එම පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |