පෑනක් වගේ හදපු ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Sri Lanka Police Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 04, 2025 06:26 AM GMT
Hashini

Hashini

Report

 පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කර ඇත.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

එහිදී අදාළ පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහාලන බහලුමක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බවයි පොලිසිය පවසන්නේ.

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?

දිගින් අඟල් හතරහමාරක් පමණ මෙම ගිනිඅවිය කුමන හේතුවක් මත මෙම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටියේ දැයි කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුව අද (04) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍ය. 

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!


ReeCha