අන්තර්ජාලය ඔස්සේ දැරියක් ලිංගික ක්‍රියාවලට යෙදවූ නරුමයෙක් අත්අඩංගුවට.

Police arrested Ajithi Rohana Online sexual abusing a girl Movtlivinia
By Aruna Jun 09, 2021 03:53 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලය ඔස්සේ දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ගල්කිස්ස මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

ඊයේ (08) සිදුකළ වැටලීමක දී ගල්කිස්ස ප්‍රදේශයේ දී 35 හැවිරිදි පුද්ගලයෙක් ව වයස අවුරුදු 15යි මාස 9 ක් වු දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලියට ලබාගෙන දැරිය විවිධ පුද්ගලයින්ට දිනපතා අලෙවි කර ඇතැයි වාර්තා වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයා දැරියගේ ඡායාරූප අන්තර්ජාලයේ පළ කරමින් ඇය ව අලෙවි කර ඇතැයි ද වාර්තා වේ.

එම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මවගෙන් අදාළ දැරිය ලබාගෙන මෙලෙස අලෙවි කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැරියගේ මවගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත්, දැරිය ව ලිංගික කටයුතු සඳහා පසුගිය මාස 3ක කාලය තුළ මිල දී ගත් පුද්ගලයින් පිළිබඳව සොයා මේ වන විට විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේය. අත්අඩංගුවට පත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ජූලි මස 8 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now