දුවව බස් එකට නග්ග ගත්තේ නෑ කියලා කොන්දොස්තරට කැත්තෙන් කොටලා - අත්අඩංගුවට

Report

සිය දියණිය බස් රථයට නංවා නොගත්තැයි කෝපවී ලංගම බස් රථ කොන්දොස්තරවරයකුට කැත්තෙන් කෙටු අයෙක් අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය ප්‍රකාශ කරයි. එසේම පොලිසිය සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් අඳාළ කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මෙසේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ මතුගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන, අයගම ඉන්දලවත්ත ප්‍රදේශයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ අසිත උක්වත්ත (45) නම් කොන්දොස්තරවරයෙක් බව වාර්තා වේ.

එමෙන්ම බස් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ කුට්ටපිටියලාගේ උඩහගෙදර ප්‍රේමරත්න (අවු. 51) නැමැති අය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

මුළු ලෝකෙම බලන් හිටපු ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස සම්බන්ධයෙන් ලංකාව ගත් තීරණය දැනුම් දෙයි

මුළු ලෝකෙම බලන් හිටපු ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස සම්බන්ධයෙන් ලංකාව ගත් තීරණය දැනුම් දෙයි

අඳාළ රියැදුරු පවසා ඇත්තේ මතුගම - කෙලින්කන්ද මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථය ඊයේ (09) උදෑසන මතුගමින් පිටත්ව කෙලින්කන්ද ජනපදය ප්‍රදේශයට ළඟා වූ විටදී සැකකරු මුලින්ම ආරවුලක් ඇති කරගත් බවයි.

එහිදී සැකකරු චෝදනා කර ඇත්තේ තම දියණිය බස් රථයට නංවාගෙන නොපැමිණි බවටයි. පසුව නැවත එම බස් රථයම එදින දහවල් 2.15 ට පමණ මතුගම සිට පැමිණ කෙලින්කන්ද ජනපදය බස් නැවතුම්පොළ අසල නතර කළ විටදී සැකකරු නැවත රියැදුරු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ කැත්තකින් රියැදුරුට පහර දීමට උත්සාහ කළ විට එය වැළැක්වීමට මැදිහත් වූ කොන්දොස්තරවරයාට මෙම කැති පහර වැදී ඇත.

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

අනතුරුව රියැදුරු විසින් බස් රථය වහාම කෙලින්කන්ද ජනපදය පාසල්වත්ත දෙසට පදවා නතර කර තිබෙන අතර, පසුව යතුරුපැදියක් ආධාරයෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයාව බදුරලිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු අද (10) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බදුරලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්