රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

Report

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නුවරඑළියදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ආණ්ඩුවට අභියෝග කරන අය “විනාඩි කිහිපයකින් ගෙදර යන” බවත්, එවැනි පිරිස්වලට ආණ්ඩුවට සැලකිය යුතු අභියෝගයක් කළ නොහැකි බවත්ය.

මෙවර මැයි දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය රැස්වීම් 21ක් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ජනතාව විශාල පිරිසක් එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

රනිල්ගෙන් සජිත්ට සුබ පැතුම් - දේශපාලන කරළිය උඩුයටිකුරු කළ විශේෂ ලිපිය මෙන්න

රනිල්ගෙන් සජිත්ට සුබ පැතුම් - දේශපාලන කරළිය උඩුයටිකුරු කළ විශේෂ ලිපිය මෙන්න

එමෙන්ම විපක්ෂය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “හතර පස් දෙනෙකුගේ කණ්ඩායමක්” ලෙස පෙනී සිටින පිරිසක් මාධ්‍ය මගින් වැඩි ලෙස ප්‍රචාරය කරමින් සිටින බවත්, ජනතාව අතර එවැනි කලබලයක් නොමැති බවත්ය.

තවද, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, රට තුළ පළමු වරට විශාල පරිමාණයෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගනිමින් පවතින බවත්, පාතාල ජාලවලට සම්බන්ධ විදෙස් පුද්ගලයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ඒ සියලු දෙනා රටට ගෙන්වා නීතිය හමුවට ඉදිරිපත් කරන බවත්, පාතාලය මර්දනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

අද මේ ලග්න හිමියන්ට හදිසි ධන යෝග - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද මේ ලග්න හිමියන්ට හදිසි ධන යෝග - ඔබේ ලග්නයත් ඒ අතරද?

මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනපති කියයි

මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනපති කියයි