මුළු ලෝකෙම බලන් හිටපු ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස සම්බන්ධයෙන් ලංකාව ගත් තීරණය දැනුම් දෙයි

Report

ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස ලබා දෙන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු සැණින් ‍යළි ඔවුන් භාර දීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඉරාන පිරිස නැවත භාර දීමේදී අනුගමනය කරන පිළිවෙත කුමක්දැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ලෝකෙම හැරිලා බලපු ඉරාන නැව නිසා තවත් අර්බුදයක් - පණිවුඩය ආවේ කොහෙන්ද කියලත් ලංකාවටත් ප්‍රශ්නයක්

ලෝකෙම හැරිලා බලපු ඉරාන නැව නිසා තවත් අර්බුදයක් - පණිවුඩය ආවේ කොහෙන්ද කියලත් ලංකාවටත් ප්‍රශ්නයක්

"අප මධ්‍යස්ථ රාජ්‍යයක්. යුද්ධයට මැදිහත් වූ රාජ්‍යයක් නොවේ. සාගර නීති ප්‍රඥප්තිවලට අනුව කටයුතු කරනවා. ඉරාන මෘත දේහ 84 ක් තිබෙනවා. ඉරාන රජයේ ඉල්ලීමක් කළොත් ඒවා භාර දෙන්න සූදානම්. ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ 32ක් රෝහල්වල සහ හමුදා භාරයේ ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර නීති සහ ප්‍රඥප්ති අනුව කටයුතු කරන්න සූදානම්. දෙවැනි නැවේ සිටින 206 දෙනා ගැනද නීති හා ප්‍රඥප්තිය අනුව කටයුතු කරන්න සූදානම්. මේ පිරිස අප රටේ සිටින තාක් කල් ඔවුන්ගේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වියදම් රජය විසින් ඉටු කරනවා"

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්