දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් - කාලගුණයෙන් හදිසි නිවේදනයක්
By R.rishma
අද (01) දිනය සඳහා ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අද මධ්‍යහන 12.00ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව සඳහන් වේ.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලට අමතරව වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන් කර ඇත.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.