මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනපති කියයි
ලංකාවේ බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනු ලබන තීන්දු ගෙන ඇති බවයි.
ජනපතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මැයි දින රැලියක් පවත්වන්නේ. අපි පළමු අවස්ථාවට මැයි රැලිය පවත්වනකොට, මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබලා තිබෙන්නේ, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියන පණිවුඩය තමයි දීලා තිබෙන්නේ. මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුව ජයග්‍රහණය ගෙනත් දෙන්නේ, මේ රටේ ජනතාවට. මතක තබාගන්න ලංකාවේ හැදිලා තිබෙන ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව මේක. මේ මලෛයගම් ජනතාව මේ ආණ්ඩුව විශ්වාස කරනවා. අපි උතුරට ගියොත්, ඒ ජනතාව විශ්වාස කරන්නෙත් මේ ආණ්ඩුව. අපේ නැගෙනහිරට ගියොත් ඒ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව.
දකුණේ සියලු දෙනා විශ්වාස කරන්නේ, මේ ආණ්ඩුව. ඒ කියන්නේ මොකක්ද.? ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්, වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගිලා තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙක ඇතුළත බොහෝ තීන්දු තීරණ ගත්තා. බොහෝ වැඩකටයුතුවලට මුල් පියවර තිබ්බා. ඒ හැම එකේම අරමුණ, ප්‍රතිඵලය මොකක්ද.? මේ රටේ වැඩ කරන ජනතාවට හොඳ ආදායම් මාර්ගයක්, අධ්‍යාපනයක්, ඉන්න නිවසක්, නීතිය තිබෙන රටක්, ජාතික සමගිය තියෙන රටක් ගොඩනැංවීමයි. අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් තීන්දු, අනික පාලක පන්තියේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. වෙනදා ආණ්ඩු ගන්න තීන්දු මොනවාද.?
පාලකයන්‌ගේ වරදාන වරප්‍රසාද වැඩිකරගන්න තීන්දු. ජනතාවට පීඩාව, වේදනාව ගෙනත් දෙන තීන්දු. අද ඒකේ අනිත් පැත්ත. තීන්දු ගන්නා වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. තීන්දු ගන්නා වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම උසස් කරන තීන්දු අරන් තියෙනවා. එහෙම නම් මේක තමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව.."