මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුපට වෙනදේ මෙන්න..මන්ත්‍රීවරියකගෙන් ප්‍රකාශයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හෙමචන්ද්‍ර මහත්මිය සඳහන් කර සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බවයි ඇය කියා සිටින්නේ.

නව රජය විසින් විශ්‍රාම වැටුප් කපා දමන්න යයි..කැපෙන පිරිස ගැනත් කියයි..වාහන සම්බන්ධයෙනුත් ගන්න යන තීරණය මෙන්න.
ඇය ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කපා හරින්නේ යැයි තමන්ට කිව නොහැකි බවයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ වැටුප පොදු අරමුදලට බැර වන අතර එමඟින් තමනට ප‍්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇති බව ද ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට එක්වෙමින් ඇය ප්‍රකාශ කර සිටියා.
You May Like This Video