පොලිස් වැටලීමකදී සැකකරුවෙකු බෝම්බයකින් කරපු දේ
අද දින මාලිගාවත්ත පොලිසිය විසින් මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටි අපරාධකාරයකු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් සිදුකර තිබේ.
එම වැටලීම සිදු වන අවස්ථාවේ දී එම පුද්ගලයා අත්අඩංගුවට යෑමේ දි බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කර බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් එම අපරාධකරුවා පොලිස් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ එම දමා ගැසූ බෝම්බය පොලිස් භාරයට ගත් අතර මෙම බෝම්බය මෙරට නිෂ්පාදනය එකක් බවද පොලිසිය ප්‍රකාශ කළේය.