මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී ඇත.
ඒවගේම නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතය දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිත කරනු ලබයි .
තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටීමටයි.
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සිදු කරන පළමු සංචාරයද මෙය වේ.