''අප්පච්චි වත්තට ගියේ කෑමට ගෙදර එනවා කියලා '' ආන්දෝලානාත්මක රංගගේ මරණය ගැන දියණිය කියන කතාව

Report

මහාභාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ ඒ.එම්. රංග නිශාන්ත රාජ­පක්ෂ මහ­තාගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී ඔහුගේ දිය­ණි­යක් සාක්ෂි ලබා දී තිබේ.

රටම කතා කළ ඔහුගේ මර­ණය සම්බ­න්ධ­යෙන් පැවැති මරණ පරී­ක්ෂ­ණ­යේදී පහ­ළොස් හැවි­රිදි දිය­ණිය සාක්ෂි දෙමින් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්

“අප්පච්චි මට කීවා වත්තට ගිහින් ඉක්ම­නින් එන්නම් කියලා. මම කීවා උදේට කාලා යන්න කියලා. කන්න පස්සේ එන්නම් කියලා තමයි අප්පච්චි වත්තට ගියේ. බුලත් කොටුවේ වැඩ කරන කෙනෙක් ඇවිත් කීවා අප්පච්චි වත්තේ වැටිලා ඉන්නවා කියලා. පසුව ඒ අය අප්පච්චි ඔස­වා­ගෙන ගෙද­රට අර­ගෙන ආවා. අප්ප­ච්චිගේ කකුල් දෙකෙන් ලේ ගලා­ගෙන ගිහින් තිබෙන බව මම ඒ වෙලාවේ දැක්කා. මම ඒ වෙලා­වේම අම්මට කතා කරලා මේ ගැන කීවා. මට හිතා­ගන්න බැහැ ඇයි එයාට මෙහෙම දෙයක් වුණේ කියලා. එයා අම්ම­ටයි අක්ක­ටයි මටයි හරිම ආද­රෙන් හිටියේ.”

මෙම හදිසි මර­ණය සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාගේ උප­දෙස් මත පත්කළ සිව් පුද්ගල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය කමි­ටු­වක් විසින් පසු­ගිය සිකු­රාදා (1) කුලි­යා­පි­ටිය රෝහ­ලේදී එම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරනු ලැබිණි.

කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඉලං­ග­රත්න බණ්ඩා, කුලි­යා­පි­ටිය ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය අජිත් ජය­සේන, අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය සම්පත් සේන­තුංග සහ නික­වැ­ර­ටිය මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය යූ.ඩී.ජී. දිසා­නා­යක මහ­ත්ව­රු­න්ගෙන් යුත් කණ්ඩා­යම එම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කර තිබේ.

  එම මරණ පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව විශේ­ෂඥ වෛද්‍ය කමි­ටුවේ නිග­ම­නය වූයේ මෙම මර­ණය රංග රාජ­පක්ෂ මහතා විසින්ම සිදු කර­ගනු ලැබූ සිය­දිවි නසා­ගැ­නී­මක් වන බවයි.

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

ඒ අනුව, මර­ණ­කරු කුඩා පිහි­ය­කින් තමන්ගේ පාද දෙකේ ප්‍රධාන බල නහර (Veins) සහ අතක ප්‍රධාන ලේ ධම­නි­යක් (Artery) කපා ගැනී­මෙන් සිදු වූ අධික රුධිර වහ­නය මර­ණ­යට හේතුව ලෙස එම වෛද්‍ය වාර්තා මඟින් තහ­වුරු කර තිබේ.

සිය­ලුම විද්‍යා­ත්මක සාක්ෂි සහ පටක පරී­ක්ෂණ මත පද­නම්ව ඔවුන් මෙම තීන්දුව ලබා දී තිබේ.

පාප මිතුරු ඇසුරෙන් ජීවිතයෙන් වන්දි ගෙවයි - බෝතලයකින් පහරදී මිතුරාව ඝාතනය කරලා

පාප මිතුරු ඇසුරෙන් ජීවිතයෙන් වන්දි ගෙවයි - බෝතලයකින් පහරදී මිතුරාව ඝාතනය කරලා