අවසන් ගමනත් කැමතිම පුද්ගලා අතින් ගැඩවුණු මාලනිය

Mrs Malani Fonseka Death Latest Headlines Sinhala news
By Mithu May 26, 2025 06:40 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකා සිනමාවේ නිළි රැජිණිය විදිහට සලකන මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත විය. කලක පටන් පිළිකා මේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි ඇය මේ ආකාරයෙන් අවසන් ගමන් ගියේ සුවහසක් රසික රසිකාවියන්ගේ නෙතට කඳුළක් ද එක් කරමින්.

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

ඉතින් ඇයව අවසන් වතාවටත් ඒ රූපෙන්ම දැක බලා ගන්න දස දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වුණා.ඉතින් ඒ ලස්සන ඒ විදිහටම රැකගෙන ඇයව අවසන් වරටත් හැඩ කරනවා වාසනාව ලැබූ එය ආදරණීය රූපලාවණ්‍ය ශිල්පියා ඔහුගේ මුහුණු පොතට පහත අයුරින් අපූරු සටහනක් එකතු කරනවා.

"මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි. සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය ඉතිං ......මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි. ඒත්....වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක ඔබව ලස්සනට සරසවන්නට ආයෙත් "ධනූ "කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා ආදරණීය මා ධනූ"

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

GalleryGallery
ReeCha