බිරිඳගේ ඉඩමේ නිදන් හාරන්න ගිය මේජර් ජෙනරාල් මාට්ටූ

Sri Lanka Police Latest Headlines Sinhala news gagana news
By Mithu Aug 24, 2025 03:20 PM GMT
Mithu

Mithu

Report

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු ඇතුළු පස් දෙනකුබෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ දොලහේන වත්තට යන මාර්ගයේ අක්කර 12ක ඉඩමක මෙම පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරනවා.

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

මෙම පිරිස අත්අඩංගුවට ගත් වත්තේ යම් පූජාවක් පවත්වා ඇති බවට සලකුණුද ඇතැයි ද පොලිසිය කියනවා. විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හෝමාගම පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මෙම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හමුදාවේ ජනප්‍රිය චරිතයක් වන අතර ඔහු කලක් රණවිරු සේවා අධිකාරියේද ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා.

යූටියුබ් සුදාට වැඩ වරදී - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණට

යූටියුබ් සුදාට වැඩ වරදී - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණට

රනින් නිමකර ඇති තැඹිලි ගෙඩි සහ මැණික් මෙම ස්ථානයේ නිදන්කර ඇති බව ජනප්‍රවාදයේ පවතින බවත් එබැවින් නිදන් හොරු අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයේ කැණීම් කරන්නට පැමිණ ඇති බවටත් ගම්වැසියන් පවසනවා මෙම ඉඩමේ හිමිකරු මේජර් ජනරාල්වරයාගේ බිරිඳ බව ද පොලිසිය සඳහන් කරනවා.

කැළෑවට ගොස් තිබුණු මෙම ඉඩම ශුද්ධ පවිත්‍රකර වරක් ඔහු කුරුදු වගාකර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. නැවතත් මෙම ඉඩම සුද්දකර ඇති බව ද පෙනී ගොස් ඇතැයි ද පොලිසිය කියනවා. මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් නිධානයක් ගැන කිසිවක් නොදන්නා බවත් මෙම ඉඩම සිය බිරිඳයගේ පරම්පරාවට අයිති ඉඩමක් බවත් ය. මෙම සැකකරුවන් මේ වන විට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ගුවන් ප්‍රහාර මාලාවක් - ජිහාඩ් සටන්කාමීන් 35 ක් මරුට

ගුවන් ප්‍රහාර මාලාවක් - ජිහාඩ් සටන්කාමීන් 35 ක් මරුට