ගුවන් ප්රහාර මාලාවක් - ජිහාඩ් සටන්කාමීන් 35 ක් මරුට
Nigeria
Death
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කැමරූන් දේශසීමාව ආසන්නයේ මෙම ගුවන් ප්රහාරවලින් මෙම මරණ සිදුව තිබේ.
මෙම ප්රහාර එල්ල කිරීමට හේතුව ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්රහාරයක් වැළැක්වීමට බව වාර්තා වේ.
නයිජීරියානු ආරක්ෂක අංශ පසුගිය මාස කිහිපය තුළ එල්ල කරන ලද ප්රහාරවලින් සටන්කාමින් 800 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරයි.