රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්
දැඩි ලෙස අසනීප වී මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකොට තිබේ.
ඒ අනුව දේශපාලනඥයන් සහ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නයැයි ඉල්ලීමක් සිදු කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් විමසීමට මේ වන විටත් අති විශාල පිරිසක් පැමිණෙන බැවින් එය ඔහුගේ සෞඛ්‍යයට අවදානමක් වනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.